2016 සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර
2016 සිංහල අලුත් අවුරුදු චාරිත්‍ර
පරණ අවුරුද්ද සඳහා ස්නානය
අප්‍රේල් මස 13 වැනි බදාදා දින කොහොඹ පත් යුෂ මිශ්‍ර නානු ගා ස්නානය කොට ඉෂ්ඨ දේවතා අනුස්මරණයෙහි යෙදීම මැනවි.
අලුත් අවුරුදු උදාව
අප්‍රේල් මස 13 වන බදාදා අපර භාග 07.48 ට සිංහල අලුත් අවුරුදු උදාවෙයි.
පුණ්‍ය කාලය
අප්‍රේල් මස 13 වන බදාදා අපර භාග 01.24 සිට අප්‍රේල් මස 14 වන බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.12 දක්වා පුණ්‍ය කාලය වෙයි.
ආහාර පිසීම
අප්‍රේල් මස 13 වැනි බදාදා අපර භාග 08.06 ට ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා ළිප් බැඳ, ගිනි මොළවා, එළකිරි මිශ්‍ර කිරිබතක්ද, මුංඇට මිශ්‍ර කැවිලි වර්ගයක්ද පිළියෙල කරගැනීම මැනවි.
වැඩ ඇල්ලීම, ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය
අප්‍රේල් මස 13 වැනි බදාදා අපර භාග 08.54 ට ලා කොළ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා සියලු වැඩ අල්ලා ගනුදෙනුකොට ආහාර අනුභවය මැනවි.
හිසතෙල් ගෑම
අප්‍රේල් මස 16 වැනි සෙනසුරදා පූර්ව භාග 10.41 ට බටහිර දිශාව බලා හිසට නුග පත්ද, පයට කරඳ පත්ද තබා නීල වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී තලතෙල් සහ නුග පත්‍ර මිශ්‍ර නානුද ගා ස්නානය කිරීම මැනවි.
රැකීරක්ෂා සඳහා පිටත්ව යැම
අප්‍රේල් මස 18 වැනි සඳුදා පූර්ව භාග 06.27 ට නැගෙනහිර දිශාව බලා සුදු වර්ණ වස්ත්‍රාභරණයෙන් සැරසී දීකිරි හා ගිතෙල් මිශ්‍ර කිරිබත් හා කැවිලි වර්ගයක් අනුභව කොට පිටත්වීම මැනවි.