නැකත්
කෝටියක් දෝෂ භංග වන කේවල සිද්ධි යෝගය
කේවල සිද්ධි යෝගය අව , මර වැනි දෝෂ සහිත පංචාංග ශුද්ධිය නොමැති දිනයක වුවද ශුභ වැඩ සදහා යොදා ගත හැක. විවාහ සහ නිවාස කටයුතු වලට ඉතා ශුභයි.
කේවල සිද්ධි යෝගයේදී කෝටියක් දෝෂ භංග වන බව පොත පතෙහි සඳහන් වේ.
කේවල සිද්ධි යෝගය
ආදිත්‍ය හස්තා – ගුරු පුෂ්‍ය යෝගා
බුද්ධානු රාධා – ශනි රෝහිණීච
සෝමේච සෞම්‍යා – භ්රගු රේවතිච
භෞමා ශ්වීනී – කේවල සිද්ධි යෝගා
ඉරිදා හත නැකත ද
බ්‍රහස්පතින්දා පුෂ නැකත ද
බදාදා අනුර නැකත ද
සෙනසුරාදා රෙහෙණ නැකත ද
සඳුදා සුවණ නැකත ද
සිකුරාදා රේවතී නැකත ද
අඟහරුවාදා අස්විද නැකත ද යෙදී තිබෙන විට කේවල සිද්ධි යෝගය යෙදේ.