ග්‍රහ බලයට වඩා ජන බලය ප්‍රභල ද?

ග්‍රහ බලයට වඩා ජන බලය ප්‍රභල ද?

2015 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී තිබේ. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතා ජය ගෙන ඇත. නමුත් ජනාධිපතිවරණයට පෙර ප්‍රවීන යැයි කියනා ජ්‍යොතීර් වේදීන් සියලුම දෙනාම පවසා සිටියේ මහින්ද රාජපක්ෂ මහතා විශිෂ්ඨ ජයක් ලබන බවයි. ඔවුන් කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරමින් කළ ප්‍රකාශ සියල්ලක්ම අද බොරු වී තිබේ. ලංකාවේ සිටින දක්ෂම ජ්‍යොතීර් වේදීන් යැයි සැලකෙන මොවුන්ටවත් අනාවැකියක් කියා ගන්නට බැරි වීම නිසා සාමාන්‍ය වැසියන් තව දුරටත් ජ්‍යොතීර් වේදීන් පවසන අනාවැකි විශ්වාස නොකරනු ඇත. එමගින් මෙම සාස්ත්‍රය අභාවයට යනු ඇත. රාජකීය ජ්‍යොතීර් වේදීන් මේ දක්වා කියන ලද කිසිම අනාවැකියක් හරි ගියේ නැත. වරක් ක්‍රිකට් ලෝක කුසලානය ගැන කියන ලද අනාවැකිය ද වැරදුනි. ඒ ආකරයටම ජනාධිපතිවරණය ගැනත් කියන ලද අනාවැකිය ද වැරදුනි. තම අනාවැකිය වැරදුන හොත් දිවි නසා ගන්නා බවට පවසන ලද ජ්‍යොතීර්වේදීන් කිහිප දෙනෙකුම මාධ්‍යය මගින් අපි දුටුවෙමු. ඔවුන් කළේ අනාවැකි පැවසීම නොවේ. කඩේ යාමයි. සමහර විට එසේ කඩේ යාමට සාධාරණ හේතු තිබෙන්නට ඇත. කෙසේ වුවද අවසානයේ සිදු වූයේ ජනතාවට ජ්‍යොතිෂය ගැන තිබූ විස්වාසය නැති වී යාමයි. එවිට අපට සිතෙනුයේ ග්‍රහ බලයට වඩා ජන බලය ප්‍රභල බව නොවේද ? කෙසේ වුවද මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය පරදින බව නොබියව ප්‍රකාශ කළ ජ්‍යොතීර්වේදීන් ද සිටිය බව ද සඳහන් කරමු.

Leave a Reply